අපිට පොඩි වාහන හරියන්නේ නෑ අපේ මට්ටමට වාහන ඕන :


ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් දොළොස් දෙනෙකු සඳහා මෝටර් රථ මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (මාර්තු 07) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණු බව ජාතික පුවත්පත් වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් ඇමතිවරුන් හා මන්ත්‍රී වරුන් මාධ්‍ය හමුවේ හැකි සෑම විටම මෙම වාහන ලබා ගැනීම සාධාරණී කරණය කරමින් කතා කිරීම ලජ්ජා සහගතය.
පාර්ලිමේන්තුවේ 1%ක් පමණ වාහන අමාරුව නැතත් අනෙක් 99%ම දැඩි වාහන අමාරුවකින් පෙලෙන බවනම් පැහැදිලිය.
වාහන ගත්තාට ගැටළුවක් නැත නමුත් සාමාන්‍ය මිනිසුන්ට ගැනීමට තිබු ලක්ෂ 15 වාහනය ලක්ෂ 20ට 25 ට ඉහල දමමින් බදු පැනවූ ආණ්ඩුව එය සාධාරණී කරණය කිරීමට කිව්වේ රට මහා ණය බරක තිබෙන නිසා පිට රටට යන ඩොලර් අඩු කිරීම සඳහා මෙම පියවට ගත් බවයි. නමුත් කිසිම ලැජ්ජාවක් නැතුව මැති ඇමතිවරුන්ට වාහන ගේන්නට මුදල් වෙන් කරගනිමින් සිටි  ඒ ලක්ෂ 500ක් 600ක් තරම් වූ වාහනයි.
මාධ්‍ය වේදියකු ලක්ෂ 150ක වාහනයක් ප්‍රමාණවත් නැතිද යන ප්‍රශ්නයකට ඇමති වරයකු පිළිතුරු දුන්නේ තමන්ගේ තත්වයට ගැලපෙන වාහන ලබා ගත යුතු බවයි.
ජනතාව මෙසේ වාහන ගෙන්වන මැති ඇමතිවරුන් තත්වය මීළඟ මැතිවරණය තෙක් මතක තබාගෙන සිටින්නේනම් ඉතා වටින්නේය.


EmoticonEmoticon